More

    සීනි 220 යි – සිමෙන්ති අතුරුදන්.

    Must read

    වෙළදපොලේ සීනි හිගය යළි උග්‍රවෙමින් තිබෙනවා. මේ වන විට රු.122 ක් වැනි පාලන මිලක් නියම වී ඇති සීනි කිලෝව රු.220 ක් වැනි මිළකට බොහෝ ප්‍රදේශවල අළෙවි වෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    සීනි කන්ටේනර් 400 ක් වරායේ සිරවි තිබූ අතර, මේ දක්වා නිදහස් කරගෙන ඇත්තේ 200 ක් වැනි ප්‍රමාණයක් පමණයි. සෙසු කන්ටේනර් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඩොලර් හිගය හේතුවෙන්. සීනි මිල ඉහළ යාමටත් වෙළදපොල තුළ හිගයක් ඇති වීමටත් හේතුව මෙයයි.

    මේ අතර සිමෙන්ති සපයා ගැනීමද ඉතා අපහසු කටයුත්තක් බවට පත්ව ඇති අතර, මේ තත්ත්වය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයද බලවත් අර්බුදයකට මුහුන පා සිටිනවා. ඇතැම් වෙළදසැල් මගින් දිනෙකට එක් පුද්ගලයෙකු වෙත නිකුත් කරන ප්‍රමාණය කොට්ට එකකට සීමා කර ඇති බව ද වෙළදපොල ආරංචි පැවැසුවා.

    එමෙන්ම ඇතැම් සිමෙන්ති සමාගම්වල ප්‍රකාශකයින් පැවැසුවේ සිමෙන්ති නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. ඩොලර් හිගයද මේ තත්ත්වයට හේතු වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව