More

    තත්ත්වය අයහපත් – නැවතත් සංචරණ සීමා පැනවෙන ලකුණු ?

    Must read

    පවතින තත්ත්වය තුළ නැවතත් කොරෝනා අවදානමක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ජනතාවගේ හැසිරීම් අයහපත් තත්ත්වයක පවතින බවයි. මේ තත්ත්වය පාලනය නොවුනහොත් නිසැක වශයෙන්ම දෙසැම්බර් මාසය වන විට නැවතත් කොරෝනා වේගවත්ව පැතිරීමේ අවදානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    අනාරක්ෂිත පුද්ගල හැසිරීම් මෙම අවදානමට ප්‍රධාන හේතුවයි. ඇතැමුන් මුලික පුරුදු හෝ අනුගමනය නොකර කටයුතු කිරීම පාලනය කළ නොහැකි ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ රට ආර්ථික අර්බුදයක සිටින මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු නොකළොත් මීටත් වඩා අපහසු තත්ත්වයන්ට හා අර්බුදයන්ට මුහුණ දීමටද ජනතාවට සිදුවනු ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව