More

    බැංකු ගිණුම් විස්තර ඉල්ලා දුරකතන ඇමතුම් – පරිස්සම් වෙන්නැයි මහබැංකුවෙන් උපදෙස්.

    Must read

    සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවදියෙන් සිටින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා. තාවකාලිකව අවහිර කර ඇති ගිණුම්වලට විදේශීය හෝ දේශීය මුදල් විශාල ප්‍රමාණයක් බැර කර ඇති බව පවසා, සංවිධානාත්මක කණ්ඩායම් මෙම මුදල් වංචා සිදුකරන බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. අදාල ගිණුම්වල අවහිරය ඉවත් කරගැනීමෙන් විශාල මුදල් ත්‍යාග ලබාගත හැකි බව ඔවුන් කරන පළමු දැනුම්දීමයි.

    එම දැනුම්දීම්වලදී ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීමටද ඔවුන් පියවර ගන්නා අතර, එමගින් ජනතාව මුලාවට පත්කිරීම ඔවුන්‌ගේ උපායයි. අදාල මුදල් ආපසු ගැනීමට මහ බැංකුවේ අනුමැතිය පමණක් ලබාගත යුතු බවත් ඔවුන් පවසන තවත් කාරණයක්.

    ඒ සදහා අදාල කණ්ඩායම් වඩාත් උපක්‍රමශීලීව හැඳුනුම්පත් අංක, කාඩ්පත් සත්‍යාපන අංක , මුරපද සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් පිළිබඳ විස්තර ලබාගැනීමටද කටයුතු කරනවා. එබැවිම් මෙම වංචනිකයින්ට හසු‌නොවන ලෙසයි මහබැංකුව ජනතාවට දැනුම් දෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව