More

    නාමල් වරාය නගරයේ රේස් පදියි.

    Must read

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු සහිත ධාවන පථය අද දින කොළඹ වරාය නගරයේදී විවෘත වුණා. කලම්බු ඩියුන්ස් ලෙසයි එය නම්කර තිබෙන්නේ. නාමල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් එම ධාවන පථය විවෘත කළා.

    ධාවන පථ තුනකින් සමන්විත එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමිටර් 2ක්. එය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක ඉදිකර තිබෙනවා .

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම සදහා මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා වැඩි වශයෙන් ඉදිකළ යුතු බවයි.

    මේ අතර සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාද රේස් කාර් ධාවනය කළ අතර,  ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාද ඊට එක් වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව