More

    විපක්ෂයෙන් ආණ්ඩුවට ‌පිරිසක් එන බව ඇමැති ජොන්ස්ටන් කියයි.

    Must read

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට සූදානම් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබද දැඩි කළකිරීමෙන් සිටින බවයි.

    පාර්ලිමේන්තුව තුළදී ඇතැමුන් සාකච්ඡාවන කරුණු අනුවද ඒ බව ‌පැහැදිලිව පෙනෙන්නට ඇති බව ඇමැතිවරයා පවසනවා.

    වර්තමාන ජනාධීපතිවරයා හා අගමැතිවරයා ගෙන යන වැඩපිළිවෙල තුළ කිසිදා සජිත් ප්‍රේමදාස මහතාට බලයට පැමිණීමට නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය වී ඇතැයිද එබැවින් ඔවුන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇති බව තමාගේද විශ්වාසය බව ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවර විලියම් ගොපල්ලව මාවත හීරැස්සගල සිට මහනුවර දක්වා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව