More

    මරණ දඩුවමට ලක්වූ සිරකරුවන් පිරිසකට බන්ධනාගාරය නඩු පවරයි.

    Must read

    වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දී රැඳවියන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් එහි ගොඩනැගිලිවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. එම අලාභය රුපියල් කෝටිය ඉක්මවන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසුවේ.

    මෙම විරෝධතාවට රැඳවියන් 54 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවත්, විරෝධතාව සම්පුර්ණයෙන් පාලනය කිරීමට ඊයේ වන විට කටයුතු කල බවත් ඔහු පැවැසුවා.

    එමෙන්ම මරණීය දණෟඩනයට නියම වී සිටින 10 ට ආසන්න රැදවියන් පිරිසක් ‌මී‌ට නායකත්වය ලබාදී ඇති අතර, දේපොල හානි හා‌ නොසන්සුන් හැසිරීම් සම්බන්ධයෙන් එකී රැදවියන්ට එරෙහිව නඩු පැවැරීමටද තීරණය කර තිබෙනවා.

    ඒකනායක මහතා පැවැසුවේ උද්ඝෝෂණයට එක්වූ රැඳවියන් සියළු දෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට ද තීරණය කළ බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව