More

    විමල් අද මොනව කියයි ද ? ආණ්ඩුවේ හවුල් පක්ෂ සමුළුවක් කැදවයි.

    Must read

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් විසින් පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ජනහමුව අද සවස 3.00 ට ස්ථිර වශයෙන්ම පැවැත්වීමට එම පක්ෂවල නායකයින් තීරණය කර තිබෙනවා. එමෙන්ම අද එම පක්ෂවල නියෝජිතයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත්, ප්‍රතිඥාවක් ලබාදීමටත් තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ රාත්‍රියේ පැය හතරක් පුරා සාකච්ඡා පැවැතියද එකගතාවකට පැමිණීමට නොහැකි වූ බවයි එම නියෝජිතයින් පැවැසුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් නියෝජනය කරමින් නායකයින් එම සාකච්ඡාවර සහභාගී වී තිබුණා.

    ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයාද ඊට එක්වුණා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති තිබෙනවා.

    මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ යුගදනවි බලාගාර ගිවිසුමට අදාල ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට සංශෝධන ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී එකගතාවක් ඇති කරගත් බවයි.

    කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ සංවිධාන කළ සංවාදය අද පිටකෝට්ටේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව