More

    කරූ ගෙනෙන මෙහෙයුමක් – ආණ්ඩුවේ හවුල් පක්ෂවල සැලසුමක් හෙළිවෙයි.

    Must read

    කරූ ජයසුරිය හෝ ඒ ආකාරයේ නායකයෙකු ඉලක්ක කරමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් නව දේශපාලන බලවේගය බිහි කිරීම සදහා පිඹුරුපත් සකස්කරමින් සිටින බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

    මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ඉදිරියේදී නව දේශපාලන ප්‍රවාහයක් සමග එක්වීමේ සූදානමක් පවතින බවද ආණ්ඩුවෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නොමැති බවද එම ආරංචි පැවැසුවා.

    කෙසේ වෙතත් ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ, ‌පවතින දේශපාලනය වෙනස් කළ හැකි සම්ප්‍රදායක් ඇති කළ යතු බවයි. එවැනි ක්‍රියාවලියක් සදහා කරූ ජයසූරිය වැනි පුද්ගලයෙකු ඉතා වැදගත්වන බවටයි යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ.

    ආණ්ඩුවේ සිටින නියෝජිතයින් 40 දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මීට පෙර වාර්තා පලවුණා. එමෙන්ම ඔවුන්ගේ තවත් අපේක්ෂාවක් වී ඇත්තේ ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය බිදදැමීමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව