More

    සජිත්‌ට හරීන් මග හැරෙයි – මහින්ද ඉස්සර වෙයි.

    Must read

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක හරීන් ප්‍රනාන්දු මහතාට දුරකතයෙන් අමතා සුබපැතුම් පිරිනමා තිබෙනවා. ඒ හරීන් ප්‍රනාන්දු මහතා‌ගේ උපන්දිනය වෙනුවෙන්. පෙරවරු 6.30 ට පමණ අගමැතිවරයා හරීන් ප්‍රනාන්දු මහතාට මෙලෙස කතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හරීන්ට සුබපැතීම සදහා දුරකතයෙන් කතා කර ඇතත්, එම ඇමැතුමට හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රතිචාර දක්වා නැති බවටත් තොරතුරු වාර්තා වනවා. කිසියම් හේතුවකින් එම ඇමතුම මගහැරී යාම ඊට හේතුවයි.

    කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා සිය මිතුරන් සමග පවසා ඇත්තේ, තමන් අවදිවන විටම අගමැතිවරයා කතාකර සුබ පැතූ බවයි. මාරයි… මං අවදි වුණා විතරයි… මෙන්න අගමැති කතා කරනවා… උපන්දිනේට සුබ පතන්න… යැයි ඔහු මිතුරන් සමග පවසා තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව