More

    ඒ ආණ්ඩුවත් මාළු බෑවා.. මෙයාලත් බාමින් ඉන්නවා.. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි.

    Must read

    යහපාලන ආණ්ඩුවේ පිරිස් මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ඇතැමුන්ද අප්‍රේල්න 21 ප්‍රහාරය පිටුපස සිටින බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කරනවා. දේශපාලඥයන්, නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් ද මෙම ප්‍රහාරය පසුපස සිටින බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

    රට ඇතුළේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන්නේ නම් ජාත්‍යන්තර වශයෙන් හෝ මේ පිළිබද පරීක්ෂණයක් සිදුවිය යුතු බවද ඒ සදහා මැදිහත් වීමට බෞද්ධ සමාජය මෙහෙයවන බවද උන්වහන්සේ අවධාරණව කළා. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා කාදිනල් හිමියන් ගෙන යන සටනට පූර්ණ සහාය ලබාදිය යුතු බවටද උන්වහන්සේ යෝජනා කළා.

    යහපාලනයේ ඇතැමුන් මීට සම්බන්ධ බැවින් ඒ ආණ්ඩුව යටතේද වර්තමාන ආණ්ඩුවේ සිටින අය ද සම්බන්ධ බැවින් මේ ආණ්ඩුව යටතේද සාධාරණයක් ඉටු නොවන බවයි ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙන්නේ. එබැවින් මේ කාරණය හා අසාධාරණය සම්බන්ධයෙන් කඩිනමින් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටිමට සිදුව ඇති බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ.

    ඒ ආණ්ඩුවත් මාළු බෑවා.. මේ ආණ්ඩුවත් බා ගනිමින් ඉන්නවා.. ඉතුරු වී ඇත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම පමණයි… යනුවෙන්ද උන්වහන්සේ පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව