More

    විශේෂ තීරණ 10 ක් ප්‍රකාශයට පත්කරයි.

    Must read

    01. අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ.

    02. සියලු පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී ඇති බැවින්, ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැගීම.
     
    03.විශ්ව විද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බැලීමට නිර්දේශ කිරීම.
     
    04. පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීම.

    05. එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

    06. පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය විමසීම.

    07. කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් ලබාදීම.

    08. එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බැලීම.

    09. පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යයකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට ක්‍රියා කිරීම.
     
    10. කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇති අතර, ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීම.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව