More

    දරුවන්ට මානසික රෝග – සායනවලට පැමිණෙන දරුවන් 20% න් වැඩි වෙලා – තවත් අනතුරුදායක තත්ත්වයක්.

    Must read

    ඔබ ඔබේ දරුවා පිළිබද සැලිකිලිමත්ද ? මේ දෙමාපියන්ගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයක්.

    කොරෝනා සමය තුළ දරුවන් මානසික රෝගවලට ගොදුරුවීමේ තත්ත්වය සියයට 20 න් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. නව යොවුන් වියේ පසුවන පිරිස වැඩි වශයෙන්ම මෙම අවදානමට ගොදුරු වී ඇති තත්ත්වයක් මේ වන විට හදුනාගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    රෝග සායනවලට පැමිණෙන දරුවන් පිරිස අනුව එලෙස උපකල්පනය කළද එම අගය සියයට 20 ඉක්මවා ගොස් ඇති බවද වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.

    රාගම ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන්විය පිළිබද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ‌පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඉතා අනතුරුදායක සමාජ තත්ත්වයක් ලෙස හදුනාගෙන ඇති බවයි.

    ඩිජිටල් තිරවලට, එසෙත් නැතිනම් ටැබ් පරිගණක හා ස්මාර්ට් ඡංගම දුරකතනවලට ඇබ්බැහිවීම තුළ මෙම ගැටළුව නිර්මාණය වී තිබෙනවා. හේතු සොයා සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී ඇත්තේ, ඇතැම් දරුවන් උග්‍ර මානසික ව්‍යාකූලතාවලට ගොදුරු වී ඇති බවයි.

    මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වී සිටින බොහෝ දරුවන්ට දීර්ඝකාලීනව මානසික ප්‍රතිකාර ලබාදීමටද සිදුවන බව විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවැසුවා.

    එබැවින් දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවදානයක් යොමු කළ යුුුතු බවයි වෛද්‍ය උපදේශය වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව