More

    කරූ දිනවීමට රනිල් එකග වෙයි.

    Must read

    කරූ ජයසුරිය හෝ ඒ ආකාරයේ නායකයෙකු ඉලක්ක කරමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පසුගියදා වාර්තා කළා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් නව දේශපාලන බලවේගයක් බිහිකර, මෙම වැඩපිළිවෙල දියත්කරන සැලසුමක් පිළිබදයි තොරතුරු හෙළි වී තිබෙන්නේ.

    එමෙන්ම දේශපාලන ආරංචි පැවැසුවේ මෙම වැඩපිළීවෙලට දායක වීමට රනිල් වික්‍රමසිංහ මහතාද කැමැත්ත පලකර ඇති බවයි. ‌කොන්දේසි සහිතව එම එකගතාව පලකර ඇති බවද දැනගන්නට ලැබෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට යෝජනා වී ඇත්තේ, ‌පවතින දේශපාලනය වෙනස් කළ හැකි සම්ප්‍රදායක් ඇති කළ යතු බවයි. එවැනි ක්‍රියාවලියක් සදහා කරූ ජයසූරිය වැනි පුද්ගලයෙකු නව බලවේගයක් යටතේ බලයට පත්කළ යුතු බවද එම යෝජනාවලට ඇතුලත්. නොනිල මට්ටමෙන් සිදුවන එම සාකච්ඡා ඉදිරියේදී පුළුල්ව සිදුකිරීමටද අදාල කණ්ඩායම් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පෑවසුවේ.

    ආණ්ඩුවේ සිටින නියෝජිතයින් 40 දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවටද මීට පෙර වාර්තා පලවුණා. එමෙන්ම ඔවුන්ගේ තවත් අපේක්ෂාවක් වී ඇත්තේ ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය බිදදැමීමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව