More

    විමල්ලා කරන්නේ රැවටිල්ලක්ද ? 30 ක් ආණ්ඩුවෙන් පනින බවටත් රාවයක්.

    Must read

    අයවැයෙන් පසුව, එනම් නොවැම්බර් අවසන් වන විට ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න තීරණය කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන නියෝජිතයින් විසින් හවුල්කාර පිලට නායකත්වය ලබාදෙන අතර, දේශපාලන ආරංචි පවසන්නේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 30 කු පමණ ඔවුන් සමග අත්වැල් බැදගැනීමට කැමැත්ත පලකර ඇති බවයි.

    කෙසේ වෙතත් ඇමැතිකම්වලින් ඉවත්ව ආණ්ඩුවේ පසුපෙළින් අසුන්ගන්නේද එසේත් නැතිනම් විපක්ෂයට යන්නේද යන්න මේ දක්වා තීරණය කර නොමැති බවද එම තීරණය නොවැම්බර් අගවන විට ප්‍රකාශ කිරීමට ඔවුන් තීරණය කර ඇති බවද එම ආරංචි පවසනවා.

    කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම ක්‍රියාධාමයද තවත් එක් රැවටීමක් පමණක් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය ආණ්ඩුව රැක ගැනීමේ වෑයමක් වන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව