More

    ලෝකයම ආයෙත් බිය වෙයි – ලංකාවත් එහෙමයි.

    Must read

    ලෝකයම භීතියට පත්කරන ආකාරයේ වෛරස් ප්‍රබේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණ වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ‌ලොව පුරා රටවල්ද මහත් තැති ගැන්මකට ලක්ව සිටිනවා.

    ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව ක්ෂණීකව බිද දැමිය හැකි තරමේ ප්‍රබලත්වයකින් යුතු මෙම කොරෝනා වෛරස ප්‍රබේදය නම් කර ඇත්තේ, A.30 ලෙසයි. මෙම කොරෝනා ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අගවා තිබෙනවා.

    එමෙන්ම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ, මෙම වෛරස් ප්‍රබේදය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කිරීමට ශ්‍රී ලංකාවටද සිදුව ඇති බවයි.

    මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද පැවසූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව