More

    බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය ෆොන්සේකාට.

    Must read

    පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් පුළුල් වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් සභාවල බලය තහවුරු කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

    මෙම කාරණයද මුල්කර ගනිමින් ඊයේ විශේෂ වැඩමුළුවක්ද කොළඹදී සංවිධාන කර තිබුණා. ඒ සිය පක්ෂයේ සියළුම පාර්ලිමේන්තු නියෝජිතයින් වෙනුවෙන්.

    එහිදී ඉලක්ක ජයගැනීම උදෙසා විශේෂයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබද පුළුල්ව අවදානය යොමු කළ බවටයි තොරතුරු වාර්තා වුණේ. ආචාර්ය මහාචාර්යවරුන්ගේ දේශණ සහිතව හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිතව එම වැඩමුළුව පැවැත්වීමටයි පියවර ගෙන තිබුණේ.‌

    මේ අතර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකයින් ලෙස පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයින් ඉදිරිපත් කිරීමටද සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත්තේ බස්නාහිර මහ ඇමැතිධූරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යුතු බවටයි.

    එම යෝජනාවට ෆොන්සේකා මහතාද එකගතාව පලකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව