More

    හදවත් සැත්කමෙන් පසු හරීන් අලුත් ගමනක.

    Must read

    හරීන් ප්‍රනාන්දු මහතා සිය හදවත් සැත්කමෙන් පසුව පූර්ණ සුවය ලබා සිටින අතර, ලබන සතියේ යළි සක්‍රීයව දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමගද දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාධාමය දියත් කිරීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

    ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැවැන්ත කාර්යාලයක් විවෘත කිරීමටද සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා සරත් ෆොන්සේකා මහතා හෝ හරීන් ප්‍රනාන්දු මහතා බස්නාහිර මහ ඇමැති ධූරය වෙනුවෙන් ඉදිරිපත් කිරිමටද සමගි ජනබලවේගය තීරණය කර ඇති අතර, තවත් යෝජනාවක් වී ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර, කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යුතු බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව