More

    ජී 20 නායකයින්ගෙන් අමුතු තීරණයක් – ලංකාව වැනි රටවලට අහිතකර බලපෑම්.

    Must read

    කිසියම් රටක ආයෝජන සදහා පැමිණෙන සමාගම් විසින් සියයට 15 ක බද්දක් අයකළ යුතු බවට වූ යෝජනාවක් ජී 20 රටවල නායකයින් විසින් සම්මත කර තිබෙනවා. ඒ අනුව ආයෝජන සමාගම් සදහා බදු සහන ලබාදෙන ශ්‍රී ලංකාව වැනි රටවලට මෙය අහිකර බලපෑම් එල්ල කරන යෝජනාවක් ලෙසයි සැලකෙන්නේ.

    ජී 20 නායකයින් මෙම යෝජනාව සම්මත කර ඇති බැවින්, එම සමුළුවේ සාමාජික රටක් වන ලංකාවටද සිදුවන්නේ අදාල ආයෝජන සමාගම්වලින් බදු අය කිරීමටයි. එසේ වුවහොත් ආයෝජන සදහා සමාගම් ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගතවීමට ඉඩ කඩ පැවැතීම ශ්‍රී ලංකාව වැනි රටවලට බලපාන තත්ත්වයයි.

    කෙසේ වෙතත් මහ බැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේද මෙවැනි ආකාරයේ යෝජනාවක් සම්මත කිරීම අප වැනි රටවලට අහිතකර වන බවයි. එසේ වුවද බදු විරාම ලබාදීම වැනි විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් අභියෝග ජයගැනීමට සැලසුම් සකස් කරන බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව