More

    “ආණ්ඩුවේ නාඩගම්කාරයෝ” – අලුත් එකක්.

    Must read

    ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් තළද නාඩගම් නිර්මාණය වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. රටේ ආර්ථිකය පහළට ඇද දැමීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් මෙලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. එය අභ්‍යන්තරයෙන්ම ඇති කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් පියවර ගෙන ඇති බවද ඔහු පෙන්වා දෙන කාරණයක්.

    ඉබ්බන්කටුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසුවා.

    ආණ්ඩුව තුළ කැරලිකාර කණ්ඩායම් සිටින බවට ප්‍රකාශ කළ ද එම පිරිස් කැරලිකරුවන් නොව නාඩගම්කාරයින් පමණක් බවද පැවැසූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා අවධාරණය කළේ, දෙමසකට වරක් නාඩගමක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සිරිත වී ඇති බවයි.

    තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය නොහැකි බවද එක්ව වැඩකළ නොහැකි නම්, ඉවත් වන්නැයි බලකර සිටීමටත්, එසේද නොයන්නේ නම් පන්නා දැමීමට හෝ සිදුවන බවත් ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව