More

    රු.68,000 ක් – රෝසි චීස් කාපු හැටි.

    Must read

    2020 වසරේදී පමණක් චීස් සඳහා රුපියල් 68,000ක් ‌කොළඹ මහ නගරසභා අරමුදල් යටතේ වියදම් කර ඇති බවට නගරාධිපති රෝසි සේනානායක මහත්මියට චෝදනා එල්ල වී තිබෙනවා. ඇතැම් මාධ්‍යද වාර්තා කර තිබුණේ පසුගිය වසරේ කෙටි කෑම වෙනුවෙන් රුපියල් 250,000ක මුදලක් ඇය විසින් වැය කර ඇති බවයි.

    කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් ලබාදී තිබෙනවා. ඔහු එම ආයතනවලින් ඉල්ලා ඇත්තේ මෙම වියදම් කිරීම් පිළිබද පැහැදිලි විමර්ශණයක් සිදුකරන ලෙසයි.

    එමෙන්ම නිල නිවාසය‌ සදහා වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කිරීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් සහිතව කහදගම මහතා මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව