More

    එජාපයේ දෙවැනි පෙළක් නැගිටියි – නැවතත් කැරැල්ලක් – සිරිකොතේ අළු යට ගිනි මතුවෙයි.

    Must read

    වජිර අබේවර්ධන, සාගල රත්නායක හා ලසන්ත ගුණවර්ධන යන අය එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලින් වහාම ඉවත් කරන ලෙස ඉල්ලීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් එම යෝජනාව එකහෙලාම වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර යන අය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මේ වන විට දෙවැනි පෙළ අරගලයක් ආරම්භ කිරීමට හේතුවයි. එහි පළමු අදියර මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනයේ දියත් කිරීමටත් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් සංවිධාන කිරීමටත් චන්ද්‍රසේකර ඇතුළු පිරිස තීරණය කර තිබෙනවා.

    වජිර අබේවර්ධන මහතා ඩීල් දේශපාලනයට සම්බන්ධ බවද නවකයින් කිසිවෙකුට තැනැත් ලබාදීමට අකමැති පුද්ගලයෙකු බවද සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රසිද්ධීයේ චෝදනා කර තිබෙනවා. ඔහු කිසිවෙකුට ප්‍රිය ‌පුද්ගලයෙකු නොවන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට සුදුසුකම් සහිත වෙනත් අයෙකු පත් කරන ලෙසයි චන්ද්‍රසේකර මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇත්තේ.

    එමෙන්ම සාගල රත්නායක මහතාද පක්ෂයේ බිම් මට්ටම සුනු විසිනු කර දමන හා රැවටිලි සහගත චරිතයක් බවත්, යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙර සමයේ ඔහු සම්බන්ධීකරණය කරන ලද තරුණ පිරිස් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව අමතක කර දැමීටත්, පක්ෂව වෙනුවෙන් කැප වූ තරුණ පිරිසට හමුවීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවටත් ඔහු චෝදනා කර තිබෙනවා.

    තවත් චරිතයක් වන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු ද වන කෘත්‍යාධීකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතාද සාගල රත්නායක මහතාට සමාන පුද්ගලයෙකු බවද කිසිදු කෙළෙහිගුණයක් නොදත් තැනැත්තෙකු බවද කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු දේශපාලන නියෝජිතයෙකු ඔහු සම්බන්ධයෙන් හොදක් නොකියන බවද සුදත් චන්ද්‍රසේකර මහතා පෙන්වා දී ඇති තවත් කාරණයක්. එමෙන්ම යහපාලන රජය සමයේ බැංකු සභාපතිවරයෙකු ලෙස පත්වූ ලසන්ත ගුණවර්ධන යන අය එම බැංකු පද්ධතියම අකර්මන්‍ය කළ බවද කිසිදු රැකියාවක් හෝ ලබාදීමට අසමත් වූ බවද පෙන්වා දී ඇති චන්ද්‍රසේකර මහතා අවධාරණය කර ඇත්තේ එම බැංකුවේ විවිධ වංචාවන් සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවෙකු බවයි.

    මුල සිට එක්සත් ජාතික පක්ෂය නගා සිටූ වීමට සිදුව ඇති මේ මොහොතේ තවදුරටත් මෙවැනි පුද්ගලියින් ළග තබාගන්නේ ඇයිදැයි චන්ද්‍රසේකර මහතා නායක රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්නකර තිබෙනවා. කෙසේ වෙතත් ඒ කෙරෙහි සාවධානව අවදානය යොමු කළ ද චන්ද්‍රසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කිරීමටයි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙන්නේ.

    නායකයා එසේ කටයුතු කළ ද මෙම පක්ෂය ජනතාවගේ බවට අවධාරණය කරමින් සුදත් චන්ද්‍රසේකර මහතා පවසා ඇත්තේ, පක්ෂය රැක ගැනීම වෙනුවෙන් තමන්ට හැකි උපරිමය සිදුකරන බවයි.

    එමෙන්ම කලුතර, බුලත්සිංහල එජාප සංවිධායක වූ ප්‍රසාද් හෙට්ටිඅරච්චි ‍‍‍යන අයද පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වුණා. දේශපාලන ආරංචි පැවැසුවේ ඔහුගේ මෙම ඉවත්ව යාමද මෙවැනි අරගලයකට හේතු වී ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව