More

    ප්‍රාථමික අංශවල දරුවන් රැසකට කොරෝනා ආසාධනය වෙලා.

    Must read

    දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සහ ගුරුවරුන් බොහෝදෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව වෘත්තිය සමිති පවසනවා. කිසිඳු පෙර සූදානමකින් තොරව ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ප්‍රථමයෙන් පාසල් වෙත ගෙන්වීමට ආණ්ඩුව ගත් තීරණය මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි ගුරු සංගම් පවසන්නේ.

    ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ කුඩා දරුවන් මුහුණ දී ඇති මෙම අවදානමට රජය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි. කිසිදු සැලසුමකින් තොරව කුඩා දරුවන් ‌පාසල් වෙත ගෙන්වීම තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද මුලින් ඉහළ ශ්‍රේණී ආරම්භ කිරීම වෙනුවට ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමට යාම තුළ ඇති වි තිබෙන මෙම තත්ත්වයට රජය සම්පූර්ණයෙන් වගකිව යුතු බවද මහින්ද ජයසිංහ මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව