More

    ශ්‍රී ලංකා ආණ්ඩුවක් ?

    Must read

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීයී.

    එහිදී අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.

    සමහර මෙතන ඉන්න අය මට මනාප දීලත් නැතිව ඇති, මාව දන්නෙත් නැතිව ඇති මේ ගෙදරට කලින් ඇවිල්ලත් නැතිව ඇති, පළමු වැනි වතාවට වෙන්න ඇති මේ ගෙදරට එන්න ඇති.මාව අදුරගෙන, මට වැඩකරලා, පෝස්ටර් ගහලා නෙමෙයි ඔය අය ආවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ අපි වැඩ කරපු ක්‍රමයට, විශේෂයෙන්ම මගේ පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ත් එක්කම වැඩ කරා, අපි ආසන 07ම අපේ කියලා හිතුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා එකම කණ්ඩායමක්, එකම පවුලක් කියලා අපි හිතුවේ.

    මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ, අවශ්‍යතාවක් තියෙනවා නම්.හැබැයි නෑ කියලත් තරහක් නෑ,අපි මේ ප්‍රථිඋපකාරයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.අපිව පත් කරපු ඔබතුමන්ලා වෙනුවෙන් අපෙන් විය යුතු සේවාවක් විදිහට තමයි මේ රැකියාව ඔබතුමන්ලාට ලබා දීලා තියෙන්නේ. මේ ලැබෙන පත්වීම හිත සතුටින් භාර ගෙන, මේ ලැබෙන රැකියාවත් එක්ක තමන්ගේ ජීවිතය ජය ගන්න.තමන්ගේ පවුලට, දෙමාපියන්ට සලකලා ආදර්ශමත් පවුලක් විදිහට ඉදලා , රටටත් වැඩදායි පුද්ගලයකු ලෙස තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න යැයි පැවසීය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව