More

    හරීන්ගේ පාර්ලිමේන්තු අසුන රංජන්ට

    Must read

    හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී එය රංජන් රාමනායක මහතා වෙත ලබාදීමට සූදානම් වනවා. අද ගම්පහ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ රංජන් රාමනායක මහතා පූර්ණ නිදහසක් සහිතව මුදාහැරිමට පියවර ගන්නා ලෙසයි.

    රංජන් වරදක් කර නොමැති බවත්, වරදක් නොමැතිව පුද්ගලයෙකු සිරගත කර තැබීම ඉතා භයානක තත්ත්වයක් බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවැසුවා. එමෙන්ම ඔහුට පූර්ණ නිදහස ලබාදීම ජනාධිපතිවරයාට පැවැරෙන වගකීමක් බවද එවැනි නිදහසක් ලබාදුන්නොත් තමන්ගේ මන්ත්‍රී පුටුව රංජන් රාමනායක මහතාට ලබාදීමට දෙවරක් නොසිතන බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් අවශ්‍ය නොවන බවද පැවැසූ හරීන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ එසේ වුවද රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු පුද්ගලයෙකු බවයි.

    එබැවින් වරදක් කර නොමැති රංජන් නිදහස් කරන්නැයිද ඔහු ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව