More

    03 වෙනිදාට කළුවරක් ?

    Must read

    ලබන 03 දා අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් කර තිබෙනවා. 29 සිට අත්සන් කරන ලද පෙත්සමක් අප එදිනට භාර දෙනවා. තත්ත්වය ඉතාම බරපතළයි. ජාතික සම්පත් විකිනීමට එරෙහිව අපි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ බලවේගය අපි හැදුවා. නිශ්චිතවම කියනවා තුන් වෙනිදා වැඩවර්ජනයක් නෑ. නමුත් සියලුම බලාගාර වල සිටින සේවකයන් අපි  කොළඹට කැඳවනවා යැයි ලංවිම විදුලි ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු වන රංජන් ජයලාල් මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් ජයලාල් මහතා,

    තත්ත්වය තුළ යම් බිඳ වැටීමක් සිදු වුවහො එයට අපිට වගකියන්න බෑ. ආණ්ඩුව පීඩාවට පත් කරන්න අපි කැමති නැහැ. නමුත් ජාතික සම්පත් විකිණීමට එරෙහි අරගලය විදුලිබල මණ්ඩලයේ සටනක් නොවේ. රටේ මහජනතාවගේ සටනක්. ආණ්ඩුවේ පක්ෂ 11ක්  ජනතා මණ්ඩපයට එකතුවෙලා කියනවා. රටේ කිසිම නායකයෙක් නොකරපු දෙයක් තමයි මේ දැන් ඉන්න පාලකයෝ කරන්නේ. කැළේ ඉන්න සතුන්ට නායකයෙක් ඉන්නවා. ඒ උනාට අපි නායකයෙක් නැි රටක්‌ බවට පත්වෙලා.

    ඇමරිකානු ආණ්ඩුකාරවරිය මාධ්‍ය හමුවක පවසා තිබෙනවා මේ රටේ ඉන්ධන සහ විදුලිය සම්බන්ධයෙන් අපි දායකත්වය දක්වනවා කියලා. අපි වර්ජනයකට අත තිබ්බොත් අකුලගන්නේ නෑ.  පුලුවන්නම් අපි ආණ්ඩුවට කියනවා මර්දනය කරන්න කියලා. එකා පිට එකා මැරුණත් අපි ආපුහු හැරෙන්න නෑ. ජාතික ආරක්ෂාවට බලවත් තර්ජන එල්ලවෙමින් පවතිනවා. විදේශ රටවලින් ගෙනෙන අසූචි අපේ රටේ ගොඩ ගහන්න හදනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ රටට ආදරය කරන නිලධාරීන් ඉවත් කරලා. රටේ ජනතාව අපිට කියනවා ඉටි පන්දමේන් හරි අපි ඉන්නම් මේ රට බේරගන්න තියෙන අන්තිම පැයේ දී හරි රට බේරගන්න කියල.

    වරායේ, තෙල්, විදුලි වෘත්තීය සමිති ඒ වගේම විදුලි පාරිභෝගිකයන් එකතු කරගත්තු දැවැන්ත උද්ඝෝෂණයක් තමයි 03 දා තිබෙන්නේ. ඒ නිසා ලට්ට මෙට්ට ඇමරිකාවට යන්න සූදානම් වෙන්න. තුන්වෙනි ද දැවැන්ත උද්ඝෝෂණයෙන් පස්සේ ඇමරිකාව කියන තම මවුබිමට යන්න සූදානම් වෙන්න. මේක උපන් මව්බිම වෙනුවෙන් කරන අරගලයක්. අපි නිදාගෙන ඉද්දි අපේ රටේ සම්පත් විකුණනවා මහා රෑට. අපේ රටේ සියලුම ජනතාවට කියනවා අපිත් එක්ක එකතු වෙන්න මේ අරගලයට කියලා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව