More

    අයවැයටත් කලින් මත්පැන් ගණන් යයි.

    Must read

    සියලුම මත් පැන් සහ බියර් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. මත්පැන් කාලක මිල රුපියල් විස්සකින් ඉහළ දමා ඇති බවත්, භාග හා මිලි ලීටර් 750 සහ ලීටරයේ ප්‍රමාණ සහිත බෝතලයක මිල ගණන්ද ඉහළ දමා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් භාගය, ‌මි.ලි. 750 හා ලීටරය යන ප්‍රමාණ කුමන පරාසයකින් ඉහළ දැමිය යුතුදැයි පැහැදිලි කරමින් කිසිදු නිල නිවේදනයක් රජය විසින් ප්‍රසිද්ධ කර නැහැ. මෙම තත්ත්වය තුළ විවිධ මිල ගණන්වලට ඒවා අළෙවි කරන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි වෙළදපොල ආරංචි පැවැසුවේ.

    එමෙන්ම මෙම තත්ත්වය කෙරෙහි සුරාබදු දෙපාර්තමේන්තුව හෝ නිසි අවදානයක් යොමු නොකරන තත්ත්වයක්ද නිරීක්ෂණය වනවා. මිල ගණන් සහිත ලේඛනයක් ප්‍රසිද්ධ කර නොතිබීම හිතූ හිතූ මිල ගණන්වලට මත්පැන් අලෙවි කිරීමට මේ තත්ත්වය තුළ අවස්ථාව උදාවී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව