More

    සාපෙළ/ උපෙළ සිසුන්ට හා ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්.

    Must read

    ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය 10,11,12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට අදාලයි.

    එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සේවයට කැඳවිය යුතු බවද ලබන 08 වනදා සිට සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බවද එහි දැක්වෙනවා. කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන බවද, වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් සිදුකළ යුතු බවද අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් ආරම්භ කළ මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිළ ඇඳුමද අනිවාර්යය නොවන බවයි. ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දිය යුතු බවද එමගින් අවධාරණය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව