More

    “එක රටක් – එක නීතියක්” සුළු ජනයා කුලප්පු කිරීමේ වෑයමක් ?

    Must read

    එක රටක් – ඒක නීතියක් යන වැඩපිළිවෙල මෙරට සුළු ජනයා කුලප්පු කර, රට ආපස්සට යැවීමේ අරමුණින් දරණ වෑයමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවේ, මෙවැනි වැඩපිළිවෙලකට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් කිසිසේත්ම සුදුසු නොවන බවයි.

    කෙසේ වෙතත් මෙවැනි වැඩපිළිවෙලකට දෙමළ මුස්ලිම් ජනතාව ‌කුලප්පු කර, සිංහල ‌ජනතාව අවදිකර වියවුලක් ඇති කිරීමත්, ගුරු වර්ජන, පොහොර ගැටළු, ජනතාවටග් බඩගින්න පිළිබද ප්‍රශ්න අමතක කරවීමත් මෙමගින් රජය අපේක්ෂා කරන කාරණා ලෙස සැලකිය හැකි බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැඩපිළිවෙල වහාම නතර කරන ලෙස ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව