More

    පාලන මිල අයින් වෙලා – ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා.

    Must read

    භාණ්ඩ මත පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමග රට තුළ බලවත් ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවේ සැමට පෙනෙන දේ රජයට නොපෙනෙන බවයි.

    එමෙන්ම ගෑස්, සිමෙන්ති, සීනි, හාල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් ඇති වී තිබෙන බවද එය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවද ඔහු පැවැසුවා.

    මේ තත්ත්වය ඉතා භයානක ඛේදවාචකයක් බවද පැවැසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ පාලන මිල ඉවත් කළා සේම, ආණ්ඩුවත් පාලනයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව