More

    ජනපති රාජ්‍ය නායකයින් මුණ ගැසෙයි.

    Must read

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව වෙළෙඳ , සංචාරක , අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා සිදුකළා.

    ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා, බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා සමග සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධීපති මාධ්‍ය අංශය පැවැසුවේ.ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුතු ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණයි.

    මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ්, ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා සිදුකර ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහය වන බවයි ඇය ජනාධීපතිවරයාට පොරොන්දු වි තිබෙන්නේ.

    මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් ද හමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව