More

    ආණ්ඩුවේ අපි ඉන්නේ වෙනම තැනක – පක්ෂ 11 ක් ඉවත් වෙන්න ලෑස්තියි.

    Must read

    ආණ්ඩුව කොතනක ඉන්නේදැයි නොදන්නා නමුත් තමන් ඇතුළු හවුල්කාර පක්ෂ 11 ක් ‌ආණ්ඩුවේ වෙනම තැනක සිටින බව පැවැසිය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ සිටීමම ප්‍රශ්න මතුකරන කාරණයක් වී ඇති බවයි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුවෙන් ඉවත්වීමට හවුල්කාර පක්ෂවල සාමාජිකයින්ට සිදුවනු ඇති බවද වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

    ආණ්ඩුව වෙනස්ම මාර්ගයක යමින් සිටිනවා. අපි යන්නේ වාමාංශික පාරක. ඉතිං අපියි ආණ්ඩුවේ ගමනයි ගැලපෙන්නේ නෑ. ඒ නිසා එකම විකල්පය ඉවත්ව ගොස් ජනතාව සමග කටයුතු කිරීම බවද ඇමැතිවරයා පැවැසුවා.

    වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවැසුවේ යූ ටියුබ් නාළිකාවක් සමග පැවැති සංවාදයකදීයී.

    ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් පමණක් ගනුලබන තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවද ඔහුගේ ක්‍රියාවලියද අක්‍රීය වී ඇති බවද පැවැසූ වාසුදේව නානායක්කාර මහතා පැවැසුවේ, ‌මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව