More

    හිස නැති තරුණිය නැවත සිහිවෙයි – සපුගස්කන්දෙන් හමුවූ සිරුර ගැන තොරතුරු රැසක්.

    Must read

    සපුගස්කන්ද මාබිම මාර්ගය අසල කසළ ගොඩක තිබී අත්පා ගැටගසා ගමන් මල්ලක බහාලූ කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ පුවතක් ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පැදුරකින් ඔතා තිබූ මළ සිරුර ගමන් බෑගයකට සූක්ෂම ලෙස ඇතුළු කොට තිබූ අතර, එම කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීම‌ට මේ දක්වා හැකි වී නැහැ. මියගිය කාන්තාව කළු සහ රතු වර්ණවලින් යුතු ගවුමකින් සැරසී සිටින බවත්, මළ සිරුරේ අත්පා ගැටගසා ඇති බවත් පොලීසිය පැවසුුු.වා

    මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති අතර, මෙම ඝාතනය මීට දින 5කට පමණ පෙර සිදුකර ඇති බව පොලිසියේ සැකයයි.

    අදාල සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත බාරදී තිබෙනවා.

    මෙවැනි ආසන්නතම සිදුවීමක් පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයෙන් පසුගිය මාර්තු 01 වැනිදා වාර්තා වුුුණා. වේල්ලවීදියේ වෙළෙඳසැළක් ඉදිරිපිට තිබියදී හිස කඳින් වෙන්කළ මළ සිරුරක් සොයාගැණුනේද ගමන්මල්ලක බහා තිබියදීයී. එම ඝාතනයේ සැකකරු වූ උප පොලිස් පරීක්ෂකවරයාද අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී සියදිවි නසාගෙන තිබුණා. කෙසේ වෙතත් අද වන විටද එම කාන්තාවගේ හිස සොයා ගැනීමට හැකි වී නැහැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව