More

    ගම් හතක් බිය කළ දකුණේ පිපිරීම පිළිබද සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් – අවට ආරක්ෂාවත් තර කරයි.

    Must read

    පිපිරීම සිදුවූ ආකාරය තවම නිශ්චිත නෑ

    වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක සිදුව ඇති පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. මේ වන විටත් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. මෙම සිද්ධිය ගෑස් කාන්දුවකින් සිදුව ඇති පිපිරීමක් බවට සැකයක් තිබුණද ඒ බවක් පොලිසිය විසින් මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

    පිපිරීමෙන් නිවාස 5 ට හානි සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ ජනතාව අතර යම් තැති ගැන්මක්ද ඇති වී තිබෙනවා. පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ඔවුන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

    පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද පොලිසිය පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව