More

    අපි බංකොලොත් වෙමින් ඉන්නේ – බේරෙන්න නම් ඉක්මන් විසදුම් ඉදිරිපත් විය යුතුයි.

    Must read

    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වෙත ගමන් කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, 2029 වසර දක්වා කිසිවෙකුට නැගිටීමට අවස්ථාවක් උදා නොවන බවයි. දෙරණ නාලිකව සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබුණා.

    මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව CAA1 ඉඳන් CAA2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටී ඇති බවත්, තව දෙකක් පල්ලෙහාට ගියොත් බංකාලොත් මට්ටමට ඇද වැටෙන බවටත් ඉදිරිපත් වූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පවැසුවේ බංකොලොත් තත්ත්වයකට යමින් සිටින බවයි.

    එහෙත් එම තත්ත්වයෙන් රට බේරා ගත යුතු බවද ඇමැතිවරයා පැවැසුවා. 2029දක්වා කිසිවෙකුට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැති බවත්, අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම් මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගෙන ඒමට පියවර ගත යුතු බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව