More

    කොරෝනා පැතිරීම දෙගුණයකින් ඉහළ දමන ජානයක් හමුවෙයි – ආසියානු රටවලට වැඩි බලපෑමක්.

    Must read

    කොරෝනා ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් සොයාගෙන තිබෙනවා. ඒ බ්‍රිතානයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදීයී. දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 කට මෙම ජානය ආවේණික වී ඇතැයිද යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළද අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 02 ක් තුළද සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළද මෙම ජානය පවතින බවයි හදුනාගෙන තිබෙන්නේ.

    ඒ අනුව දකුණු ආසියානු ජනතාවට වැඩි වශයෙන් කොරෝනා ආසාධනය වීමට මෙම ජානය හේතු වී ඇති බව ඔවුන්ගේ නිගනයයි. මහාචාර්ය ජේම්ස් ඩේවිස් පවසා ඇත්තේ, කොරෝනා වසංගතයෙන් ඇතැම් ජන කොටස් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි.මෙම ජානය මගින් කොරෝනා වෛරසය පෙනහලුවලට ආසාදනය වීම වේගවත් කරන බව ඔහු පෙන්වා දි තිබෙනවා.

    මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ එන්නත්කරණය මගින් තවදුරටත් මෙම අවදානම පාලනය කළ හැකි බවයි. එබැවින් සෑම පුරවැසියෙකුම එන්නත්කරණය කිරීම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව