More

    රටම කොළඹට – සජිත් වැඩ අරඹයි.

    Must read

    රට විකුණනවා නම් ජනතාවත් එක්කම විකුණන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළා. වර්තමාන ආණ්ඩුව රට අගාධයකට දමා ඇතැයි ජාතික දේපල, ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණමින් සිටින බවද පැවැසූ විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, රට වෙන්දේසි ලන්තයක් බවට පත්කර ඇති බවයි. මේ රටේ ජනතාව රට බේරාගැනීමට නැගී සිටිනවා ද නැද්ද කියන එක තීන්දු කීරිමට කාලය එළඹී ඇති බවද ඔහු පැවැසුවා.

    කොලොන්නාව ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක එස් එම් මරික්කාර් මහතා විසින් සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවා.

    වර්තමාන ආණ්ඩුවේ අන්තනෝමතික කටයුතු හේතුකොටගෙන රටපුරා ජනතාව පීඩාවට පත්ව සිටින බවද ජනතාවට නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට අරගල කළ යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදී පැවැසුවා. ඊට ආරම්භයක් ලබාදෙමින්, ලබන 16 වැනිදා ජන දුක නිවාලන දැවැන්ත මහජන රැළියක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව