More

    එස්.බී‌. ගෙන් අමුතු ප්‍රකාශයක් – ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමක්දැයි සැකයක්.

    Must read

    නැති බැරි කම් වලට මුහුණ දෙමින් ජීවත් වීමට පුරුදු වෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය තවත් අපහසු කාල පරිච්ඡේදයක් වන බවයි.

    මාස ගණන් රට වසා තිබූ බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද මෙලෙස හෝ රට පවත්වාගෙන යාම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙනවා. එමෙන් ඔහු පෙන්වා දෙන කාරණයක් වන්නේ එක් දිනක් රට වැසූ විට රුපියල් කෝටි හාරසිය පනහක පමණ පාඩුවක් දැරීමට රජයට සිදුවන බවයි.

    ඉදිරියට එන්නේ අමාරු කාලයක්. බඩුමිල ඉදිරියේදී ඉහළ තවත් ඉහළ යයි. ඉන්ධන මිලත් ඉහළට යන්න පුළුවන්. යැයිද දිසානායක මහතා පවසනවා. මේ තත්ත්වය තුළ නැති බැරිකම්වලට හුරු පුරුදු වීම ඉතා වැදගත් බවද ඔහු පවැසුවා.

    එමෙන්ම පවතින තත්ත්වයෙන් මිදීමට නම්, 2022 වසර අවසන් වනතුරු බලා සිටීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මහනුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පවසා තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව