More

    ගණිකා වෘත්තිය නීති ගත කරන්න – ‌ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් යෝජනා කරයි.

    Must read

    ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ තමන් කරන මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවයි. එසේ වුවද හෘද සාක්ෂියට එකගව තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවත්, කාන්තාවන් ලිංගික වශයෙන් සූරාගෙන කෑමේ ක්‍රියාවලියට තමන් විරුද්ධ බවත් ඇය ප්‍රකාශ කළා.

    ‘මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණා… ලෝකයේ පැරණිම වෘත්තියක් මේක… යනුවෙන්ද මන්ත්‍රීවරිය පැවැසුවා. ඇය මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනයෙන් විකාශය වූ සංවාදයකට එක්වෙමින්.

    ගණිකාව සූරා තත්ත්වයක් තමයි අද දකින්න තියෙන්නේ… ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා… එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව් කාරයෝ සූරගෙන කනවා…මේ වගේ දේ අපිට දකින්න තියෙන්නේ. යැයිද ඇය එහිදී පැවසුවා.

    තමන්ගේ ඇඟ විකුණනවා නම්, ඒක කරන්නේ කැමැත්තෙන්නම් මේක නීතිගත කර දීමෙන් අහිංසක කාන්තාවෝ පීඩාවට පත් නොවන බවද හිරේ විලංගුවේ නොවැටෙන බවද පැවැසූ ඇය පෙන්වා දුන්නේ, එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ගේ දරු පවුල්ද ආරක්ෂිත වනු ඇති බවයි.

    මේ රටේ ආර්ථිකය හැදීමට එවැනි නීතිද සම්මත විය යුතු බවද ඇය කියා සිටියා.

    ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ වූ අවස්ථාවල ඇය කොහේ හෝ ‌රැගෙනවිත් විකුණල කිසියම්පි අයෙතු රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දීමේ ක්‍රියාවලියට තමන් විරුද්ධ බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව