More

    චීන පොහොර නැව ගැන වාර්තාවක් – චීනය කුමක් කියයි ද ?

    Must read

    චීන කාබනික පොහොර රැගත් නෞකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු සඳහන් කරමින් පූර්ණ වාර්තාවක් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත භාර දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ ඊයේ දිනයේදී එම වාර්තාව සම්පාදනය කිරීමට පියවර ගෙන තිබූ බවයි.

    කෘෂි කර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ වගකිව යුතු සෙසු ආයතනයලටද අදාල වාර්තාව භාර දෙන බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා අවධාරණය කර ඇත්තේ, අනුමැතියක් ලබා නොදුන් නැවක් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවයි. එය භාර ගැනීමට ශාක ආරක්ෂණ පනතේ විධි විධාන නොමැති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

    “සාම්පල් පරීක්ෂාවක් සිදුකළත් එම පොහොර අනතුරුදායක බව තහවුරු වූ බවත්, ක්ෂුද්‍ර ජීවීන් සිටිි බව විද්‍යාත්මකව තහවුරු වි ඇති බවත් ඔහු සදහන් කර තිබෙනවා. එම තත්ත්වය තුළ එම පොහොර ගෙන ඒමට අනුමැතිය ලබානොදීමට තීරණය කළ බවද ඔහු කර ඇති ප්‍රකාශයේ සදහන්.

    කෙසේ වෙතත් අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර භාර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙට්‍රික් ටොන් 20,000 ක චීන කාබනික පොහොර රැගත් Hippo spirit නැමති නැව මේ වනවිටත් මෙරට මුහුදේ සැරිසරමින් සිටිනවා.

    මීටර 154ක් දිග 1996 දී නිශ්පාදිත HIPPO SPIRIT [IMO 9135523] දරන මෙම නැව පැනමාවේ ලියාපදිංචි නෞකාව්. ජාත්‍යන්තර නාවිත දත්තවලට අනුව නෞකාව නැවතත් චීනය බලා ගමන් කර නොමැති බවද එය මේ වන විටත් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සැරි සරන බවද තහවුරු වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව