More

    ලංකාව කාල බෝම්බයක් – පුපුරණ අවස්ථාව කිව නොහැකියි.

    Must read

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදිසියේ පුපුරා යාමට හැකි කාල බෝම්බයක‌ට සමාන බව නික්කී ඒෂීයා සගරාව අවධාරණය කර තිබෙනවා. පුළුල් විමර්ශණයකින් අනතුරුව සම්පාදනය කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ, මහ බැංකුව සිදුකරන අසීමාන්තික මුදල් මුද්‍රණය, විදේශ සංචිත කඩා වැටීම හා ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු කාරණා මෙම අවදානමට හේතුව බවයි.

    ඔක්තෝම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් බිලියන 130 ඉක්මවන තරමේ මුදලක් මුද්‍රණය කර ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම මෙලෙස මුද්‍රණය කරන ලද මුදල්වලින් වැඩි කොටසක් රාජ්‍ය සේවයේ හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කර ඇති බවද නික්කී ඒෂියා වාර්තා කර තිබෙනවා.

    මේ තත්ත්වය පිළිබද සැලකීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාල බෝම්බයකට සමාන බවද එය පුපුරා යන අවස්ථාව කොයි මොහොතේද යන්න පැවැසිය නොහැකි බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

    https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-economy-seen-as-a-ticking-time-bomb

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව