More

    තනි ගමන් යන්න බෑ… වැඩිය කතා කරන්න බෑ… අපිත් අමාරුවේ වැටිලයි ඉන්නේ…

    Must read

    පුද්ගලික හෝ තනි ගමන් යාමට කාටවත් නොහැකි බවද පවතින දේශපාලන තත්ත්වයන් තේරුම් ගැනීමකින් තොරව සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවැසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මේ බව පසුගියදා මනාව පැහැදිලි කර තිබූ බවයි.

    වර්ජන, උද්ඝෝෂණ ආදී සියල්ල සාමකාමීව හා සාකච්ඡා මාර්ගයෙන් විසදිය යුතු බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවා.

    චීන පොහොර නැව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරිසේන මහතා කියා සිටියේ, ‌මෙරට විද්වතුන් චීන ‌නැවේ ඇති පොහොර පිළිබද දරණ මතය රජය පිළිගත යුතු බවයි.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ ජනතාව ඉතා අසීරු තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. ජනතාව ලෙල්ලටම වැටිල ඉන්නේ… අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා… වැඩිය කතා කරන්න බෑ… අපිත් අමාරුවේ වැටිලයි ඉන්නේ.. බොහොම ස්තූතියි යනුවෙන්ද මාධ්‍ය අමතා දයාසිරි ජයසේකර මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව