More

    නිහඩව ඉන්නේ කොන්දක් නැති නිසා නෙමෙයි – ඒ අපි හැදුනු විදිහ.

    Must read

    වර්තමාන රජයේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් අසාර්ථක බවත්, කැබිනට් මණ්ඩලයට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ කොහෙද යන්නේ යැයි නොතේරෙන බවයි

    යූ ටියුබ් නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවා.

    එහිදී අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේද පවසා තිබුණා.

    කැබිනට්ටුව අසාර්ථකයි… යන්නේ කොහෙද කියල තේරෙන්නේ නෑ… අලුත් ව්‍යවස්ථාවක් ගේන්නත් හදනවලු… ඒක හදන්නේ කොහෙද කියලවත් අපි දන්නේ නෑ… මේවා කරන ක්‍රමයක් තියෙනවා… අපිටත් සාකච්ඡාවලට ඉඩ ලැබෙන්න අවශ්‍යයයි. එහෙත් එහෙම ඉඩක් නෑ…

    කැබිනට්ටුව තුළ රටේ ප්‍රශ්න සාධාරණ ලෙස කතා බහට ලක් නොවන බවට සමාජය තුළ කතාවක් තියෙනවා… මේවා හරිද වැරදිද යන්න තීරණය වන්නේ ඊළග මැතිවරණයේදීයී.

    අපි නිහඩව ඉන්නවා නෙමෙයි… කොන්දක් නැතිවත් නෙවෙයි… ඒ අපි හැදුනු විදිය… මොදක අපි වාමාංෂික දේශපාලනයෙන් ආවේ… අපේ නිහඩ බවට වඩා රටේ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්… ඒ නිසා මේ ආණ්ඩුව යටතේ ඇමැතිකම් හෝ වෙනත් තනතුරු හෝ ගන්න කිසිම බලාපොරොත්තුවක් මට නෑ… යනුවෙන්ද අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව