More

    සදුදා ගොඩක් වැදගත්.

    Must read

    වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවේ.

    කෙසේ වෙතත් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු මේ දක්වා ආරම්භ කිරීමට තීරණය කර නැහැ. අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවේ එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.

    අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර ඇති බවද ඊට කඩිනම් වැඩපිළිවෙලක් සම්පාදනය කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවා.

    එමෙන්ම ලබන සදුදා සිට පාසල් පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව අනුගමනය කරන ලෙසද ‌එක්ව ආහාර ගැනීමෙන් වලකින ලෙසද මුව ආවරණ නිසි පරිදි පැලදීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ට හා දෙමාපියන්ට උපදෙස් ලබාදෙනවා.

    පාසල් තුළ ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති අතර, ඊට අදාල නිර්දේශද ඉදිරිපත් කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව