More

    එන්නත් 03 ක බල බිදෙයි – ඉදිරිය අපැහැදිලියි.

    Must read

    කොරෝනා මර්දනය සදහා භාවිතා කළ එන්නත්වල බල බිදෙන තත්ත්වයක් පවතින බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඒ ඇමරිකාවේ ලක්ෂ 08 ක ජනකායක් සහභාගීකර ගනිමින් සිදුකළ විද්‍යාත්මක පර්යේෂණකදීයී.

    ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ, ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව හීන වී යමින් පවතින බව එම පර්යේණයේදී අනාවරණ වී ඇති බවයි.

    ආරම්භයේදී සියයට 87 ක්ර්නා ලෙස පැවැති මොඩර්නා එන්නතේ බලය මේ වන විට සියයට 43 ක් දක්වා පහත වැටී ඇති බවයි එම පර්යේෂණයේදී අනාවරණ වී තිබෙන්නේ. එමෙන්ම ෆයිසර් එන්නතේ ප්‍රතික්‍රියා හැකියාව සියයට 89 සිට මේ වන විට සියයට 58 ක් දක්වා අඩු වී ඇති බවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ එම හැකියාව සියයට 86 සිට සියයට 13 ක් දක්වා පහත වැටී ඇති බවත් එමගින් අනාවරණ වී තිබෙනවා.

    ඇමරිකානු සුප්‍රකට විද්‍යා සගරාවක් වන සයන්ස් සගරාවද මේ බව වාර්තා කර තිබුණා. මෙම තත්ත්වය තුළ කොරෝනා වෛරසයට ඉදිරියේදී මුහුණ දීම සදහා දීර්ඝ කාලීන විසදුම් වෙත අවතීර්ණ විය යුතු බවයි එම සගරාව යෝජනා කර තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව