More

    කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට.

    Must read

    මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මැල්කම් රංජිත් කාදිනල්තුමන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,  නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

    එමගින් පෙන්වා දී ඇත්තේ  පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි.

    මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවත් , ජන ජීවිත දුකට පත්විය හැකි බවත් එතුමන් පෙන්වා දී තිබෙනවා. එබැවින් මෙම පවරා ගැනීම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව