More

    රනිල්ට කේන්ති යයි – මේසෙටත් ගසා කෘත්‍යාධිකාරී මණ්ඩයෙන් නැගිට යයි.

    Must read

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වුණා. එම රැස්වීමට ‌බොහෝ කලකට පසු රවී කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන නියෝජිතයින්ද එක්ව සිටියා.

    එහිදී මූලිකව රටේ පවතින තත්ත්වය හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබද යම් සාකච්ඡාවක් සිදුවුවද බෙදීම් පිළිබද පුළුල් සංවාදයක් ඇති වීමත් සමග තත්ත්වය උණුසුම් වී තිබෙනවා.

    එහිදී කස්තුරි අනුරාධනායක මහතා පවසා ඇත්තේ රවී, නවීන් හා අර්ජුන වැනි අය කපා දැමීමකට ලක්කර ඇති බවයි. ඔවුන්ගේ දායකත්වය ලබානොගෙන පක්ෂය දිනවිය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

    නායකයා වටා සිටින පිරිසකට පමණක් පක්ෂය සීමා වී ඇතැයිද පවසා ඇති අනුරාධනායක මහතා පෙන්වා දී ඇත්තේ මෙවැනි තත්ත්වයක් තුළ ජය ගැනීමක් ගැන සිතීමටවත් නොහැකි බවයි. තරුණ සංවිධාන කඩා වැටී ඇතැයිද පක්ෂය වෙනුවෙන් කැප වූ තරුණ පිරිස් අමතක කර දමා තැන රැක ගැනීම වෙනුවෙන් පිරිසක් කටයුතු කරන බවද ඔහු පවසා තිබෙනවා.

    එමෙන්ම යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙර පක්ෂය වෙනුවෙන් කැප වූ තරුණ පිරිස මුලා කළ පිරිස්ද වර්තමානයේදී නායකත්වයේ විශ්වාසවන්ත කණ්ඩායම ලෙස කටයුතු කරමින් සිටින බවද ඔහු පවසා තිබෙනවා.

    මෙහිදී රුවන් විජේවර්ධන මහතා පවසා ඇත්තේ පක්ෂයේ යහපත වෙනුවෙන් වෙනත් අයෙකු නියෝජ්‍ය නායකයා ලෙස පත්කළ යුතු නම් තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවයි.

    කෙසේ වෙතත් මෙම අදහස් දැක්වීම් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව ඇති අතර, තමන් සියල්ලගේ අදහස් අනුවයි කටයුතු කර තිබෙන්නේ යැයි කියමින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබෙනවා. මේසයටද අතින් ගසා ඔහු පිටව ගිය බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු පැවැසුවේ ඔන්න ඔය විදියට මේ පාරත් රැස්වීම ඉවර වුණා යනුවෙනි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව