More

    අගමැතිතුමා ඉන්නෙත් අපේ පැත්තේ – අභියෝග රැසයි – පරස්පර වුණොත් පරාජය ස්ථිරයි.

    Must read

    ආණ්ඩුවේ වැඩ ගැන තමන් පමණක් නොව අගමැතිතුමාද කලකිරීමකින් ඉ‌න්නේ. ඒක මිනිසුන්ට පැහැදිලිව පෙනෙන දෙයක්. ඒ කියන්නේ එතුමා ඉන්නෙත් අපි දරණ මතයේමයි, යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ තමන් ඇතුළු හවුල්කාර පාර්ශව මෙන්ම අගමැතිතුමාටද කළකිරීමක් ඇති බවයි. පොදුජන පෙරමුණු සංවත්සරයේදි එතුමා කරපු කතාවෙදන් ඔහුගේම හෘදසාක්ෂිය එලියට පැමිණි බවද වීරවශ මහතා පවසනවා. මේ ගමන තුළ ඇති අඩුපාඩු පෙන්නල දුන් අගමැතිවරයා, ඒ තත්ත්වය ඉතා සරළව පැහැදිලිකර දී ඇතැයිද විමල් වීරවංශ මහතා පවසනවා.

    ඒ නිසා ඇත්ත කතාව අවුරුදු තුනක් අපට තියෙනවා බොහොම අභියෝගාත්මක අවුරුදු තුනක්. මේ අභියෝගාත්මක අවුරුදු තුන අපි අතර පරස්පරතා මතු කර ගන්නේ නැතුව හැමෝටම එකට ඉන්න පුළුවන් විදියට ගමනක් යන්න පුළුවන් නම් මේ අභියෝගය අපිට දිනන්න පුළුවන්. එහෙම නැත්නම් ඇද වැටීම ස්ථිරයි යනුවෙන්ද විමල් වීරවංශ මහතා සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව