More

    දෙවියන්ට උත්තර දෙන්න ලෑස්ති වෙන්න – මේ සාපය රටටම වැදිල ඉවරයි – ඉදිරිය තවත් භයානකයි.

    Must read

    අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන මන්දගාමී පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව මෙන්ම දෙවියන් වහන්සේද බලවත් කළකිරීමට පත්ව සිටින බවත්, ඊට විසදුම් ඉල්ලන ජනතාවට පිළිතුරු නොදුන්නද කවදා හෝ දෙවියන් වහන්සේට උත්තර බැදීමට සිදුවනු ඇති බවත් ප්‍රවීණ නිළි වීණා ජයකොඩි මහත්මිය අවධාරණය කළා. ‌සිරිල් ගාමිණී පියතුමා අද අධිකරණයට පැමිණි අතර එතුමන්ට සහය පළකිරිම සදහා පියතුමන්ලා ඇතුළු අතිවිශාල පිරිසක්ද පැමිණ සිටියා.

    එහිදී නිහඩ විරෝධතාවක්ද පැවැත්වුණා. ඊට එක්වූ ප්‍රවීණ නිළි වීනා ජයකොඩි මහත්මිය ඉහත අදහස් දැක්වීම සිදුකළ අතර, ඇය පෙන්වා දුන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබදව සොයන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට එම විමර්ශන කටයුතු හරිහැටි සිදු නොකරන බවයි. කාගෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් ගැලවිය නොහැකි බවද මෙම මගහැරීම තුළ රටට සාපයක ප්‍රතිපල භුක්ති විදීමට සිදුව ඇතැයිද ඇය පැවැසුවා. එමෙන්ම මේ සදහා මෙරට ආණ්ඩුවෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්ය හා සාධාරණයක් නොලැබෙන්නේ නම්, ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් හෝ මැදිහත්වීමක් අවශ්‍ය කරන බවයි.

    එමෙන්ම මෙම කාරණය හා නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ලෝකයම කරුණු අවබෝධ කරගෙන සිටින බවද ඇය අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව