More

    හමුදාව සීරුවෙන්

    Must read

    ආපදා තත්ත්වය මීට වඩා දරුණු වුවහොත් ඊට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පූර්ණ සූදානමකින් තැබීමට රජය තීරණය කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවැසුවේ අවශ්‍ය පෙර සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි.

    ආපදා අවදානම සහිත ප්‍රදේශවල ජනතාව පදිංචි ස්ථාන වලින් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මේ දිනවල විනෝද ගමන් යාම,කැළෑ තරණය කිරීම්, කඳු තරණය කිරීම්,ගංගා වල පිනීම්,ඔරු පැදීම් ආදිිිියෙන් වැලකී සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

    පවතින අපදා තත්ත්වය හා වසංගත තත්ත්වය ගැන සලකා අනවශ්‍ය ගමන් නොයන ලෙසයි රජය උපදෙස් ලබාදෙන්නේ.

    ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ මේ වන විට වැසි ආපදා හේතුවෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව