More

    කද නැති හිසක් – කුරුවිට තරුණියගේදැයි සැකයක්.

    Must read

    බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවූ හිස්කබලක් සම්බන්ධයෙන් පුළුල් අවදානයක් යොමු වි තිබෙනවා. බැලූ බැල්මට එම හිස කදෙන් වෙන්කරන ලද්දක් බව හැගී යන්නේ යැයි පරීක්ෂණ කණ්ඩායම් පවසනවා. මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පිහිටි පාළු ඉඩමක තිබියදීයී.

    ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකු මෙම හිස් කබල පළුමුව දැක ඇති අතර, පසුව එම දරුවා මෙම තොරතුර පවුලේ වැඩිහිටියන්ට පවසා තිබෙනවා. අනතුරුව මෙම හිස්කබල සම්බන්ධයෙන් තොරතුරු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදීමටයි එම පවුලේ සාමාජිකයින් පියවර ගෙන තිබෙන්නේ.

    පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර හිස්කබල හමුවූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමටද මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා නියෝග කර තිබෙනවා.

    මේ අතර කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක තරුණියගේ මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන මෙය යම් හෝඩුවාවක් විය හැකි බවටද පොලිසිය සැකපල කරනවා.

    පස්සර බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙම ඝාතනය සිදුකර තිබූණා. ඔහු පිළීබද ‌තොරතුරු වාර්තා වීමත් සමග සැකකාර පොලිස් නිලධාරියාද සිය දිවි හානිකරගෙන තිබුණා. ඝාතනයට ලක්ව සිටි තරුණියගේ හිස සොයා එම කාලයේ පරීක්ෂණ සිදුකළද ඇගේ හිස මේ දක්වා සොයා ගැනීමට හැකි වී නැහැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව